කාන්තාවකගෙන් අල්ලස් ඉල්ලූ ග්‍රාම නිලධාරිවරයාට වැඩ වරදි

කාන්තාවකගෙන් අල්ලස් ඉල්ලූ ග්‍රාම නිලධාරිවරයාට වැඩ වරදි

මහනුවර , හීරැස්සගල ග්‍රාම නිලධාරිවරයා අල්ලස් හෝ දූෂණ කොමිසම මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ් ඉඩම් ගැටලුවක් විසඳීම සඳහා කාන්තාවකගෙන් රුපියල් 25,000 ක අල්ලස් මුදලක් ලබාගැනීම හේතුවෙන්.

ග්‍රාම නිලධාරිවරයා ඉඩම් ගැටලුව විසඳීම සඳහා මෙම කාන්තාවගෙන් අල්ලස් ඉල්ලා තිබෙනවා.

අනතුරුව කාන්තාව ඒ පිළිබඳව අල්ලස් හෝ දූෂණ කොමිසමට පැමිණිලි කර ඇති අතර එම මුදල දෙන අවස්ථාවේදී ග්‍රාම නිලධාරීවරයා අත්අඩංගුවට ගෙන තිබුණා.

අත්අඩංගුවට පත් ග්‍රාම නිලධාරීවරයා මහනුවර අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන මස 09 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි නියෝග කර ඇත්තේ.

Share This