කාන්තාවක් දුම්රිය මගෙහි මෝටර් රථයක් පදවා දුම්රිය ගමන් ප්‍රමාද කරලා

කාන්තාවක් දුම්රිය මගෙහි මෝටර් රථයක් පදවා දුම්රිය ගමන් ප්‍රමාද කරලා

ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ්හි පදිංචි 34 හැවිරිදි කාන්තාවක් තෙලන්ගානා ප්‍රාන්තයේ, රංගා රෙඩ්ඩි දිස්ත්‍රික්කයේ දුම්රිය මාර්ගයක් මත තම මෝටර් රථය ධාවනය කිරීම නිසා, කාර්ය මණ්ඩලය දුම්රිය සේවා අත්හිටුවීමට හෝ හරවා යැවීමට සිදු වූ පුවතක් වාර්තා වුණා.

මෙම සිදුවීම, ශංකර්පල්ලි ලෙස හැදින්වෙන ප්‍රදේශයේ දී සිදුවී ඇති අතර එහි වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර ගියා.

පසුව ප්‍රදේශවාසීන් සහ දුම්රිය කාර්ය මණ්ඩලය සහ පොලිසිය මෙම රථය පැදවූ කාන්තාව මෝටර් රථයෙන් පිටතට ගෙන ඒමට මහත් පරිශ්‍රමයක් දරන ආකාරය දැක්වෙන වීඩියෝවක් ද සමාජ මාධ්‍ය ඔස්සේ පරිහරණය වුණා.

මේ සම්බන්ධයෙන් කරන ලද මූලික විමර්ශනයකින් හෙළි වී ඇත්තේ ඇය මෑතක් වන තුරුම බහුජාතික සමාගමක සේවය කළ බවයි.

ඇය උත්තර් ප්‍රදේශ්හි පදිචි” දීප්ති නමැතියක බව හදුනාගෙන තිබෙනවා.

ප්‍රදේශය බර පොලිස් අධිකාරීවරයා පැවසුවේ ඇය සියදිවි නසා ගැනීමට සැලසුම් කර මෙම ක්‍රියාව කළේද යන්න තහවුරු කර ගැනීමට උත්සාහ කරන බවටයි.

මෙම සිද්ධිය නිසා පූර්වාරක්ෂාවක් ලෙස බැංගලෝර්-හයිද්‍රාබාද් දුම්රියක් ඇතුළුව අවම වශයෙන් මගී දුම්රිය 10-15ක් හරවා යැවූ බව දුම්රිය ආරංචි මාර්ග සදහන් කළා.

අදාල කාන්තාව අත්අඩංගුවට ගෙන ඇති අතර පරීක්ෂණයක් සිදුවෙමින් පවතින බවටයි ඉන්දීය පොලිසිය පැවසුවේ.

 

Share This