කාන්තාවක්ව ඝාතනය කළ සැකකරු එම ස්ථානයේම ගෙල වැලලා ගනියි (VIDEO)
පොතුවිල් ප්‍රදේශයේදී කාන්තාවක්ව තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කර සැකකරුත් ගෙල වැලලාගෙන මියගොස් ඇති බව පොලිසිය පවසනවා.
ඊයේ (12) පොතුවිල් පොලිස් වසමේ ආරුගම්බේ ප්‍රදේශයේ හෝටලයක කාමරයක නවාතැන් ගෙන සිටි කාන්තාවක් එලෙස ඝාතනය වී ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනය කරන්නේ.
මියගිය කාන්තාව අවුරුදු 35ක් වූ මහකළුගොල්ල ප්‍රදේශයේ පදිංචිකාරිනියක්.
කාන්තාව පුද්ගලයෙකු සමග හෝටලයේ කාමරයක නවාතැන් ගැනීම සඳහා පැමිණ ඇති අතර, කාමරය විවෘත නොකිරීම පිළිබඳව සැක සිතී කළමනාකරු විසින් ආරුගම්බේ පොලිස් මුරපොලේ නිලධාරීන්ට දන්වා ඔවුන් සමග කාමරයෙහි දොර කඩා විවෘත කර තිබෙනවා.
එහිදී කාන්තාවක් කාමරයේ ලේ තැවරී මියගොස් සිටි බවත් කාමරයට යාබඳව ඇති නාන කාමරය තුළ සැකකරු ගෙල වැලලාගෙන ඇති බවත් සොයාගෙන තිබෙනවා.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් පොතුවිල් පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරන බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරන්නේ.