කාන්තාවන් අලෙවිකරණ වෙබ් අඩවි ගැන පොලිසිය කළ විශේෂ ඉල්ලීම

කාන්තාවන් අලෙවිකරණ වෙබ් අඩවි ගැන පොලිසිය කළ විශේෂ ඉල්ලීම

ලිංගික කටයුතුවලට කාන්තාවන් අලෙවි කරන වෙබ් අඩවි කිහිපයක් තහනම් කිරීමට පොලිස් දෙපාර්තමේන්තුව අධිකරණයේ අවසර ඉල්ලා ඇති බව ජාතික පුවත්පතක් වාර්තා කර සිටිනවා.

මේ පිළිබඳ අද (15) ස්වර්ණවාහිනී පත්තරේ වැඩසටහනින්ද අවදානය යොමු කෙරුණා.

ඒ අනුව තහනමට අවශ්‍ය අවසරය දීමට අධිකරණය විසින් අදාළ වෙබ් අඩවි සම්බන්ධයෙන් විදුලි සංදේශ නියාමන කොමිසන් සභාවෙන් කරුණු විමසීමක් කර ඇති බවයි පැවසෙන්නේ.

මේ තහනම් කිරීම සම්බන්ධයෙන් අවශ්‍ය උපදෙස් දීම සඳහා නීතිපතිවරයා විසින් අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයකු ඇතුළු රජයේ නීතිඥවරුන් කිහිප දෙනකු පත් කර ඇති බවත් වාර්තා වෙනවා.‍

Share This