කාන්තාවන් රට ගෙන ගිය නගර සභා සභාපති පොලිසියට කළ පැමිණිල්ල
ව්‍යාජ ලේඛන සකස් කර විදේශ ගමන් බලපත්‍රයක් ලබාගෙන අන්තවාදී ක්‍රියාවන්ට සම්බන්ධ යැයි පැවසෙන කාන්තාවන් පිරිසක් වරින්වර විදේශ රටවලට රැගෙන ගිය බව කියන කඩුගන්නාව නගර සභාවේ සභාපතිවරයාගේ විදේශ ගමන් බලපත්‍රය අස්ථානගතව ඇති බව සඳහන් කරමින් පසුගිය 07 දින කඩුගන්නාව පොලිසියට පැමිණිල්ලක් ඔහු විසින් ඉදිරිපත් කොට තිබේ.
කඩුගන්නාව නගර සභාපතිවරයා වශයෙන් කටයුතු කරන මොහු තම තනතුර නගරාධිපති වශයෙන් දක්වමින් විදේශ ගමන් බලපත්‍රයක් ලබාගෙන ඇත්තේ ව්‍යාජ ලියකියවිලි ඉදිරිපත් කරමින් බවට කඩුගන්නාව නගර සභාවේ මන්ත්‍රිවරුන් හා වරියන් හා ප්‍රදේශවාසීන් යනුවෙන් සඳහන් පැමිණිල්ලක් ජනාධිපතිතුමන්ට මෙන්ම මධ්‍යම පළාත් ආණ්ඩුකාරතුමා ඇතුළු වගකිවයුත්තන් රැසකට ඉදිරිපත් කොට තිබෙනවා
මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයාගේ උපදෙස් මත මධ්‍යම පළාත් පාලන කොමසාරිස් මේනක හේරත් මහතා විසින් මේ සම්බන්ධයෙන් කණ්ඩායමක් යොදවා විශේෂ පරීක්ෂණයක් ආරම්භ කොට ඇති අතර එම පරීක්ෂණ කණ්ඩායම විසින් කඩුගන්නාව නගර සභාපතිවරයාගේ විදේශ ගමන් බලපත්‍රය කීපවිටක්ම ඉල්ලා ඇතත් ඔහු එය ලබාදීම දිනෙන් දින පමා කොට ඇති අතර එම පරීක්ෂණ පැවැත්වෙන අතරතුරම විදේශ ගමන් බලපත්‍රය අස්ථානගත වී ඇති බවට පොලිසියට පැමිණිලි කොට තිබෙන බවයි වාර්තා වන්නේ
මේ සම්බන්ධයෙන් සිදුකළ විමසීමකදී මධ්‍යම පළාත් පාලන කොමසාරිස් මේනක හේරත් මහතා සඳහන් කළේ මෙම පැමිණිල්ල ව්‍යාජව සිදු කරන්නක්දැයි සෙවීමට පරීක්ෂණ පැවැත්වෙන අතර කඩුගන්නාව නගර සභාපතිවරයාගේ විදේශ ගමන් බලපත්‍රය පිළිබඳ සියලුම තොරතුරු ආගමන විගමන දෙපාර්තමේන්තුවෙන් ලබා ගැනීමට පියවර ගෙන ඇති බවයි
මේ අතර අදාළ පරීක්ෂණ පැවැත්වෙන අවස්ථාවේ කඩුගන්නාව නගර සභාපතිවරයා විසින් ඔහු පදිංචි පිළිමතලාව නිවෙසේ ඇති වටිනා ගෘහ භාණ්ඩ ඇතුළු අනිකුත් වටිනා දෑ කඩුගන්නාව ප්‍රදේශයේ පිහිටි තම හිතවතකුගේ නිවෙසකට යවා ඇති බවට නගර සභාවේ මන්ත්‍රිවරු මෙන්ම ජනතාවද පවසා තිබෙන බවයි වාර්තා වන්නේ
ස්වර්ණවාහිනී පත්තරේ වැඩසටහනින්ද මේ පිළිබඳව අවධානය යොමු කෙරුණා