කාලගුණය අයහපත් – කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් රතු නිවේදන (VIDEO)

කාලගුණය අයහපත් – කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් රතු නිවේදන (VIDEO)

නිරිතදිග බෙංගාල බොක්ක අවට ප්‍රදේශයේ පවතින අඩු පීඩන කලාපය ඉදිරි පැය 30 තුළ පීඩන අවපාතයක් දක්වා වර්ධනය වීමත් සමඟ දිවයිනට තවදුරටත් බලපෑම් එල්ල විය හැකිබවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවා තිබෙනවා.

නැගෙනහිර මධ්‍යම සහ ඌව යන පලාත්වලටත් පොළොන්නරුව දිස්ත්‍රික්කයටත් බලපැවැත්වෙන පරිදි නිකුත් කළ ඉතා තද වැසි පිළිබඳ රතු නිවේදනය අද රාත්‍රිය දක්වා බලාත්මක කිරීමටයි එම දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත්තේ.

මේ අතර ධීවරයන්ට මුහුදු යාමද මුලුමනින්ම තහනම් කර තිබෙනවා.

නිරිතදිග බෙංගාල බොක්ක අවට ප්‍රදේශයේ පැවති අඩු පීඩන කලාපය ඊයේ මධ්‍යම රාත්‍රිය පමණ වන විට ශ්‍රී ලංකාවට දකුණු දෙසින් ස්ථානගතව ඉදිරි පැය 30 තුළ පීඩන අවපාතයක් දක්වා වර්ධනය විය හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමෙන්තුව අනතුරු අඟවා තිබෙනවා.

එම පද්ධතියේ බලපෑම හේතුවෙන් තවදුරටත් දිවයිනේ වැසි සහ සුළං තත්ත්වයේ වැඩි වීමක් ඉදිරි දින කිහිපයේදීත් බලාපොරොත්තු වන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.

ඒ අනුව දිවයිනේ නැගෙනහිර, මධ්‍යම සහ ඌව යන පලාත්වලටත් පොළොන්නරුව දිස්ත්‍රික්කයටත් අද රාත්‍රිය දක්වා බලපැවැත්වෙන පරිදි තදවැසි පිළිබඳ රතු නිවේදන නිකුත් කිරීමට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව එම පළාත් වල ඇතැම් ස්ථාන වලට මි.මි.150ට වැඩි ඉතා තද වැසි ඇති විය හැකිබවටයි එම දෙපාර්තමේන්තුව නිකුත් කල නිවේදනයේ දැක් වෙන්නේ.

මේ අතර නිරිතදිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ පැවති අඩුපීඩන කලාපයේ බලපෑම හේතුවෙන් අද සිට නැවත දැනුම් දෙන තුරු දිවයින වටා වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල සියලුම ධීවර සහ නාවුක කටයුතුවලින් වැළකී සිටින ලෙසයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දී ඇත්තේ.

මේ අතර පසුගිය පැය කිහිපය තුල ඇද හැළුණු තද වැසි හේතුවෙන් දිවයිනේ ප්‍රධාන ජලාශ 73න් 25ක් වාන් දැමීමට පටන් ගෙන ඇති බවට වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම් දී තිබෙනවා.

එමෙන්ම දිවයිනේ මධ්‍යම ප්‍රමාණයේ ජලාශ 25ක්ද මේ වන විට වාන් මට්ටමට පැමිණ ඇති බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම් දී ඇත්තේ.

මේ අතර බදුල්ල අම්පාර සහ මඩකලපුව යන දිස්ත්‍රික්කයන් හි ඇතැම් ප්‍රදේශ වලට ඇදහැළුණු තද වැසි හේතුවෙන් මාදුරුඔය ද්‍රෝණියේ කෝරලෙයිපත්තු එරාවූර් පත්තු මහඔය , පදියතලාව , දෙහිඅත්තකණ්ඪිය , දිඹුලාගල , වැලිකන්ද , හා මහියංගනය යන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශ වල පහත් බිම් සඳහා මෙතැන් පටන් ඉදිරි පැය (24) තුළ හදිසි ගංවතුර තත්ත්වයක් ඇති වීමේ අවදානමක් පවතින බවට වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම් දී තිබෙනවා.

පැවති අධික වර්ශාපතනයත් සමඟ අලිකොට ආර ජාලශයේ වාන් දොරටු විවෘත කිරීමත් සමග වැල්ලවාය වේවැල් කදුර මාර්ගය ජලයෙන් යට වී මාර්ගයේ ගමනාගමනයට බාධා එල්ල වී ඇති අයුරු මෙලෙස දක්නට ලැබුණා.

ප්‍රදේශයට පවතින අධික වර්ෂාපතනය සමග එම ජලාශයේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහල ගොස් තිබීම නිසා අලිකොට ආර ජලාශයේ වාන් දොරටු තුනක් අඩි දෙක බැගින් විවෘත කිරීමටද පියවර ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

රාජාංගන ජලාශය හා අංගමුව ජලාශයන් වල ජල මට්ටම් ද මේ වන විට තවදුරටත් ඉඅහළ ගොස් ඇති අතර රාජාංගන ජලාශය වාන් දොරටු තිහෙන් වාන් දොරටු හයක් මේ වන විට විවෘත කොට ඇති බවයි ජලාශභාර ඉංජිනේරුවන් දැනුම් දී ඇත්තේ.

එයින් තත්පරයට ඝණ අඩි අටදාස් එකසිය හැත්තෑ දෙකක ජලධාරිතාවක් කලාඔය මුදා හරින අතර අංගමුව ජලාශයේද මේ වෙන විට වාන් දොරටු දෙකක් විවෘත කර තප්පරේට ගණ අඩි (1064) ජලධාරිතාවක් කලාඔයට මුදා හරින බව වාරි ඉංජිනේරුවන් දැනුම් දී ඇත්තේ.

මොණරාගල දිස්ත්‍රික්කයට ඇද හැලෙන ධාරානිපාත වර්ෂාපතනය සමග බුත්තල වෙහෙරගල ජලාශයේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහල ගොස් ඇති අතර
වෙහෙරගල ජලාශයේද වාන් දොරටු විවෘත කිරීමට කටයුතු කෙරුණා.

ඒ අනුව මැණික් ගඟ දෙපස ජනතාව සහ කතරගම සෙල්ලකතරගම පූජා භූමියේ බැතිමතුන් මැණික් ගඟ පරිහරණය කිරීමෙන් වලකින ලෙස දිස්ත්‍රික් ආපදා කලමානාකරණ ඒකකය විසින් දැනුම් දී තිබෙනවා.

පවතින අධික වර්ෂාවත් සමග ඌව පරණගම ප්‍රධානතම ජල මූලාශ්‍රය වන හාල් ඔය මේ වන විට පිටාර ගලමින් පවතින අතර ඒ හේතුවෙන් කොරදේකුඹුර පාලම යට වී ගමනාගමනය බාධා එල්ල වී ඇති බව වාර්තා වනවා.

ද වැසිත් සමඟ පහත්බිම් යට වීම හේතුවෙන් අම්පාර සමන්තුරේ මාර්ගයේ ගමනාගමනට බාධා එල්ල වී තිබෙනවා.

Share This