කාශ්මීරයේ ගැටුමකින් ආරක්ෂක නිලධාරීන් තිදෙනෙක් මරුට

කාශ්මීරයේ ගැටුමකින් ආරක්ෂක නිලධාරීන් තිදෙනෙක් මරුට

ජම්මු සහ කාශ්මීරයේ අනන්තනාග් දිස්ත්‍රික්කයේ පැය 48කට අධික කාලයක් තිස්සේ ත්‍රස්තවාදීන් සමග ඇති වූ ගැටුමකින් සොල්දාදුවෙකු අතුරුදහන් වී තවත් දෙදෙනෙකු තුවාල ලබා තිබෙන බව විදෙස් මාධ්‍ය පවසනවා.

මෙම වෙඩි හුවමාරුව ආරම්භ වූයේ කොකර්නාග් හි වනාන්තරවල සැඟවී සිටි ත්‍රස්තවාදීන් සෙවීම සඳහා හමුදාව සහ පොලිසිය ඒකාබද්ධ මෙහෙයුමක් දියත් කිරීමෙන් පසුවයි .

මෙම මෙහෙයුමේදී යුද හමුදාවේ දෙදෙනෙකු සහ පොලිස් නිලධාරියෙකු ඇතුළු නිලධාරීන් තිදෙනෙකු මිය ගිය බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ

ත්‍රස්තවාදීන්ගේ පාර්ශ්වයෙන් මියගිය සංඛ්‍යාව පිළිබඳ තහවුරු කර නොමැති බවද සඳහන්

Share This