කැනඩාව WeChat තහනම් කරයි

කැනඩාව WeChat තහනම් කරයි

සියලුම උපාංගවලින් WeChat තහනම් කරන බව කැනඩාව නිවේදනය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

චීනයට අයත් මෙම යෙදුම WhatsApp, Facebook, Amazon සහ Tinder වැනි යෙදුම් සියල්ලන්ගෙන් සමන්විත යෙදුමක් බවයි සඳහන් වන්නේ

කෙසේ වෙතත් බටහිර රටවල් එහි ආරක්ෂක ගැටළු ඇති බව කාලයක් තිස්සේ පෙන්වා දී ඇති අතර චීන යෙදුම භාවිතා කරන්නන් මගින් බටහිර රටවල ඔත්තු බැලීම සඳහා භාවිතා කළ හැකි බවද සඳහන් කර තිබෙනවා.

WeChat යනු ලෝකයේ වැඩිපුරම භාවිතා කරන සමාජ මාධ්‍ය යෙදුම් වලින් එකකි.

එය චීනයේ සියළුදෙනා භාවිතා කරන අතර අග්නිදිග ආසියාවේ සහ චීන ඩයස්පෝරා ප්‍රජාවන් තුළ ද ජනප්‍රිය වනවා.

ඒ අනුව කැනඩාවේ WeChat තහනම වහාම ක්‍රියාත්මක කරන ලෙසයි කැනඩා රජය බලධාරීන්ට දැනුම්දී ඇත්තේ.

Share This