කැනඩාවේ TikTok තහනම් කරයි
කැනඩාවේ TikTok සමාජ ජාලය ක්‍රියාත්මක වීම තහනම් කර තිබෙනවා.
නමුත් පරිශීලකයින්ට තවමත් ජනප්‍රිය වීඩියෝ යෙදුම වෙත ප්‍රවේශ වීමට හැකි බවයි කැනේඩියානු මාධ්‍ය වාර්තා කර ඇත්තේ.
එහි නවෝත්පාදන අමාත්‍යවරයා සඳහන් කර සිටියේ TikTok හි කැනේඩියානු කාර්යාල දෙක වන ටොරොන්ටෝ සහ වැන්කුවර් හි වසා දැමීමට තීරණය කිරීම ජාතික ආරක්ෂක සමාලෝචනයක් අතරතුර මතු වූ තොරතුරු සහ සාක්ෂි මෙන්ම කැනඩාවේ ආරක්ෂක සහ බුද්ධි ප්‍රජාවේ උපදෙස් මත පදනම් වූවක් බවයි.
එමඟින් ජාතික ආරක්ෂාවට හානිදායක වන බව කැනේඩියානු රජය තීරණය කර ඇති බව සඳහන්.