කැනඩාවේ ඇල්බර්ටා ප්‍රාන්තයේ ලැව්ගිනි පාලනය කිරීමට හමුදා සහාය ඉල්ලයි(VIDEO )

කැනඩාවේ ඇල්බර්ටා ප්‍රාන්තයේ ලැව්ගිනි පාලනය කිරීමට හමුදා සහාය ඉල්ලයි(VIDEO )

බටහිර කැනඩාවේ ඇල්බර්ටා ප්‍රාන්තයේ ඇතිව ඇති ලැව්ගිනි පාලනය කිරීම සඳහා කැනඩාවේ ෆෙඩරල් රජය හමුදාවෙන් සහාය ඉල්ලා ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා

ඊයේ(08) පස්වරුව වන විට ඇල්බර්ටා නගරය පුරා ලැව්ගිනි 94ක් ඇවිලෙමින් තිබූ අතර, 27ක් පාලනය කළ නොහැකි තත්ත්වයක තිබු බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ

29,000 කට වැඩි පිරිසකට තම නිවෙස්වලින් ඉවත් වන ලෙස ඉල්ලා ඇති අතර පවතින ලැව්ගිනි හේතුවෙන් ඇල්බර්ටා ප්‍රාන්තයේ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා

විපතට පත් ප්‍රදේශවල සිටින ජනතාව සහ රෝහල්වල රෝගීන් ඉවත් කර ඇති අතර ගිනි නිවන භටයන් ලැව්ගිනි මැඩපැවැත්වීමට දැඩි උත්සහයක් ගන්නා බවද විදෙස් මාධ්‍ය පවසනවා

ලැව්ගිනි මැඩපැවැත්වීම සඳහා ක්විබෙක් සහ ඔන්ටාරියෝ ඇතුළු අනෙකුත් පළාත්වලින් ගිනි නිවන භටයන් ඇල්බර්ටා වෙත පැමිණ ඇති බවද වාර්තා වනවා

ඇල්බර්ටා ප්‍රාන්තය කැනඩාවේ ප්‍රධාන තෙල් නිෂ්පාදනය කරන ප්‍රදේශයක් වන අතර, ලැව්ගිනි හේතුවෙන් සමහර තෙල් නිධි සහ ස්වාභාවික වායු ළිං සහ නල පද්ධති වසා දමා ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

Share This