කැනඩාවේ ඇල්බර්ටා ප්‍රාන්තයේ සක්‍රීය ලැව්ගිනි 75ක් -බොහෝ ප්‍රදේශ දුමෙන් වැසෙයි (VIDEO)

කැනඩාවේ ඇල්බර්ටා ප්‍රාන්තයේ සක්‍රීය ලැව්ගිනි 75ක් -බොහෝ ප්‍රදේශ දුමෙන් වැසෙයි (VIDEO)

ඇල්බර්ටා ප්‍රාන්තයේ ලැව්ගිනි දිගින් දිගටම ඇවිළෙන බැවින් කැනඩාවේ සහ එක්සත් ජනපදයේ බොහෝ ප්‍රදේශ දුමෙන් වැසී ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.

ඊයේ(11) දිනය වන විට ඇල්බර්ටාහි සක්‍රීය ලැව්ගිනි 75ක් පමණ පවතින අතර ඉන් 23ක් පාලනය කළ නොහැකි තත්ත්වයේ පවතින බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ.

ඉදිරි දිනවලදී උෂ්ණත්වය තියුණු ලෙස ඉහළ යනු ඇතැයි අපේක්ෂා කරන අතර, තවත් ලැව්ගිනි ඇතිවීමේ ප්‍රවණතාවයක්ද පවතින බව බලධාරීන් සඳහන් කරනවා

ඇල්බර්ටා ලැව්ගිනිවලින් එන දුමාරය කැනඩාවේ නැගෙනහිර කොටස දක්වා බොහෝ දුර ගමන් කර ක්විබෙක් සහ ඔන්ටාරියෝ වෙත එක්සත් ජනපද-කැනඩා දේශසීමා දක්වා ළඟා වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ඇල්බර්ටා හි ලැව්ගිනි දිගටම ඇවිලෙමින් පවතින අතර, කැනේඩියානු හමුදාවේ සාමාජිකයින් 300 ක් පමණ ගිනි නිවන භටයින් හා එක්ව ගින්න නිවා දැමීමට උපකාර වන බව නිලධාරීහු පවසා තිබෙනවා.

ලැව්ගිනි ආරම්භ වූ දා සිට 30,000 කට ආසන්න පිරිසක් තම නිවෙස්වලින් පිටව ගොස් ඇති බවත් පාසල් 28 ක් වසා දමා ඇති බවත් විදෙස් මාධ්‍ය පවසනවා

Share This