කැනඩාවේ පවතින ලැව්ගිනි නිසා වාතයේ ගුණාත්මක භාවය ගැන අනතුරු ඇඟවීම්

කැනඩාවේ පවතින ලැව්ගිනි නිසා වාතයේ ගුණාත්මක භාවය ගැන අනතුරු ඇඟවීම්

කැනඩාවේ ලැව්ගිනි නිසා ඇතිව ඇති අධික දුමාරය, චිකාගෝ වැනි එක්සත් ජනපදයේ නගරවල මෙන්ම කැනඩාවේ සමහර ප්‍රදේශවල වාතයේ ගුණාත්මක භාවයට අනතුරු ඇඟවීම් නිකුත් කිරීමට හේතු වී තිබෙනවා.

පවතින අධික දුමාරය සහ ගන්ධය කලාපය පුරා පවතින අතර එයින් එළිමහන් වාතයේ ගුණාත්මකභාවයට අහිතකර ලෙස බලපා ඇති බවයි පැවසෙන්නේ

ලැව්ගිනි නිසා ඇතිව ඇති දුම් උතුරු අමෙරිකාව හරහා දකුණට සහ නැගෙනහිර ප්‍රදේශයට පැතිර යන බව සඳහන්

කැනේඩියානු අන්තර් ඒජන්සි වනාන්තර ගිනි මධ්‍යස්ථානය පවසා ඇත්තේ මේ වසරේ වාර්තා වී ඇති දරුණුතම ලැව්ගිනි සමය මෙය බවයි.

සෞඛ්‍ය බලධාරීන් ප්‍රකාශ කර ඇත්තේ ළමයින්, වැඩිහිටියන් සහ ශ්වසන ආබාධ සහිත පුද්ගලයින් ඇතුළු කණ්ඩායම් වාතයේ ගුණාත්මක භාවය දුර්වල වන විට එළිමහන් ක්‍රියාකාරකම් සීමා කළ යුතු බවයි.

කැනේඩියානු ගිනි නිවන බලධාරීන් පවසන්නේ මේ දක්වා වාර්තා වී ඇති 3,000කට ආසන්න ලැව්ගිනිවලින් 500කට ආසන්න ප්‍රමාණයක් තවමත් ඇවිලෙමින් පවතින බවයි.

Share This