කැනඩාවේ ලැව්ගිනි 580ක් තවමත් පාලනය කළ නොහැකි තත්ත්වයක – දෙවන ගිනි නිවන භටයාත් මරුට

කැනඩාවේ ලැව්ගිනි 580ක් තවමත් පාලනය කළ නොහැකි තත්ත්වයක – දෙවන ගිනි නිවන භටයාත් මරුට

කැනඩාවේ පවතින ලැව්ගිනි හේතුවෙන් මේ වනවිට ගිනි නිවන භටයින් දෙදෙනෙකු මිය ගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

මීට දින කිහිපයකට පෙර දී 19 හැවිරිදි Devyn Gale නැමැති ගිනි නිවන භටයෙක් මෙම ලැව්ගිනි හේතුවෙන් ජීවිතක්ෂයට පත්වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරනු ලැබුවා

ඉන්පසුව මියගිය දෙවන ගුවන් භටයාව මෙතෙක් හඳුනාගෙන නොමැති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ

මෙම පුද්ගලයා වයඹ දිග ප්‍රදේශයේ ෆෝට් ලයර්ඩ් අසල ගින්නකින් ඇති වූ තුවාල හේතුවෙන් මියගොස් තිබෙනවා

කැනඩාව පුරා මේ වන විට ලැව්ගිනි 900කට ආසන්න ප්‍රමාණයක් ඇවිලෙමින් පවතින අතර ඉන් 580ක් පමණ තවමත් පාලනය කරගත නොහැකිව පවතින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ

කැනේඩියානු අන්තර් ගිනි මධ්‍යස්ථානයට අනුව මෙම කන්නයේ මේ දක්වා ලැව්ගිනි හේතුවෙන් හෙක්ටයාර 10m කට වඩා වැඩි භූමි ප්‍රමාණයක් විනාශ වී තිබෙනවා

අග්‍රාමාත්‍ය ජස්ටින් ටෘඩෝ ලැව්ගිනි හේතුවෙන් මියගිය දෙවන ගිනි නිවන භටයාගේ පවුලේ අය වෙත ඔහුගේ ශෝකය ප්‍රකාශ කර ඇති බවද සඳහන්

මහාද්වීපයේ නැගෙනහිර වෙරළ තීරය දිගේ දකුණට ලැව්ගිනි දුමාරය හමා යන බැවින් උතුරු ඇමරිකාව පුරා පරිසර දූෂණ අනතුරු ඇඟවීම් ද නිකුත් කර ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා

 

Share This