කැනඩාවේ ලැව්ගිනි නිසා ඉවත් වූ ජනතාවට යළිත් නිවෙස් බලා යාමට අවසර

කැනඩාවේ ලැව්ගිනි නිසා ඉවත් වූ ජනතාවට යළිත් නිවෙස් බලා යාමට අවසර

කැනඩාවේ වයඹ දිග ප්‍රදේශයේ පදිංචිකරුවන් දහස් ගණනක් සති තුනක කාලයක් පුරා තිබූ ලැව්ගිනි ඉවත් කිරීමේ නියෝගයකින් පසුව නැවත නිවෙස් බලා යාමට පටන් ගෙන තිබෙනවා

නගර සීමාවේ සිට කිලෝමීටර් 15ක් ඈතින් ඇති වූ ගින්නක් හේතුවෙන් 20,000කට වැඩි පිරිසකට යෙලෝනයිෆ් නගරයෙන් පිටවීමට නියෝග කරනු ලැබුවා

මේ වනවිට ගිනි නිවන භටයින් ගින්න මැඩපවත්වා ඇති බැවින් ඊයේ (06) පස්වරුවේ ඉවත් කිරීමේ නියෝගය ඉවත් කර තිබෙන බව විදෙස් මාධ්‍ය පවසනවා

නැවත තමා ජිවත්වූ ප්‍රදේශයට ඒමට බලාපොරොත්තුවෙන් සිටින බොහෝ දෙනෙකුට මෙම පුවත සහනයක් වී ඇති අතර යළිත් වාණිජ ගුවන් ගමන් නැවත ආරම්භ කර ඇති අතර නගරයෙන් පිටත අධිවේගී මාර්ගයේ තිබූ මුරපොලක්ද ඉවත් කර තිබෙනවා

Yellowknife නගරාධිපති Rebecca Alty ආපසු පැමිණෙන අයට දන්වා තිබෙන්නේ නගරය පෙරට වඩා වෙනස් ස්වරූපයක් ගනු ඇති බවටයි

මේ අතර, ෆෝට් ස්මිත් සහ හේ රිවර් නගර ආසන්නයේ ලැව් ගිනි තවදුරටත් පැතිර යන අතර එහි පදිංචිකරුවන්ට තවමත් ආපසු සිය නිවෙස් කරා යාමට නොහැකි වී තිබෙනවා

ප්‍රදේශය පුරා පැනවූ හදිසි තත්ත්වයක් සැප්තැම්බර් 11 දක්වා දීර්ඝ කර ඇති බවද සඳහන්

කැනේඩියානු අන්තර් ඒජන්සි වනාන්තර ගිනි මධ්‍යස්ථානයට අනුව ඊයේ (06) වන විට වයඹ දිග ප්‍රදේශවල ලැව්ගිනි 235 ක් ඇතිව ඇති අතර කැනඩාව පුරා ලැව්ගිනි 1,000 කට වඩා ඇවිලෙමින් තිබෙනවා

Share This