කැනඩාවේ ලැව්ගිනි නිසා වාතයේ ගුණාත්මක භාවය ගැන ජනතාවට අනතුරු ඇඟවීම්

කැනඩාවේ ලැව්ගිනි නිසා වාතයේ ගුණාත්මක භාවය ගැන ජනතාවට අනතුරු ඇඟවීම්

කැනඩාවේ ලැව්ගිනි සියගණනක් පාලනය කර ගත නොහැකි වීම නිසා උතුරු සහ නැගෙනහිර එක්සත් ජනපදයේ වාතයේ ගුණාත්මක භාවය වේගයෙන් පහත වැටෙමින් තිබෙන බව විදෙස් මාධ්‍ය පවසනවා

කැනඩාවේ ප්‍රධාන නගරවලටද මෙම බලපෑම් පවතින බවද සඳහන්

මේ අතර, කැනඩාව රටේ බටහිර ප්‍රදේශයේ අලුතින් ඇවිළෙන ලැව්ගිනි මැඩපැවැත්වීමට ෆෙඩරල් හමුදා යොදවා ඇති බවද විදෙස් මාධ්‍ය පවසනවා

එක්සත් ජනපදයේ අනතුරු ඇඟවීම් බටහිරින් මොන්ටානා සිට නැගෙනහිරින් නිව් යෝර්ක් දක්වා සහ දකුණින් ඇලබාමා දක්වා විහිදෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ

එමෙන්ම කැනඩාවේ සෞඛ්‍ය නිලධාරීන් කැල්ගරි, මොන්ට්‍රියල්, ක්විබෙක් සහ ටොරොන්ටෝ ඇතුළු රට පුරා නගරවල ඉහළ දුම් අවදානමක් ගැන අනතුරු අඟවා තිබෙනවා

කැනඩාව පුරා දැනට ලැව්ගිනි 900 කට ආසන්න ප්‍රමාණයක් ඇවිලෙමින් පවතින අතර ලැව්ගිනි 590 ක් පාලනය කළ නොහැකිව තිබෙන බව කැනේඩියානු අන්තර් ඒජන්සි වනාන්තර ගිනි මධ්‍යස්ථානය සඳහන් කරනවා

Share This