හිතාමතා කළ අනතුරක් ද ?- කැනඩාවේ රිය අනතුරක් ගැන සිදු කෙරෙන විශේෂ පරීක්ෂණය

හිතාමතා කළ අනතුරක් ද ?- කැනඩාවේ රිය අනතුරක් ගැන සිදු කෙරෙන විශේෂ පරීක්ෂණය

කැනඩාවේ උතුරු ක්විබෙක්හි ඇම්කි නගරයේ දී ට්‍රක් රථයක් මාර්ගයේ ගමන් ගත් පදිකයින් පිරිසකගේ ගැටීමෙන් දෙදෙනෙකු මිය ගොස් තවත් නව දෙනෙකු තුවාල ලබා තිබෙන බව විදෙස් මාධ්‍ය පවසනවා.

මෝටර් රථයේ රියදුරු ප්‍රදේශවාසීන් විසින් අල්ලා පොලිසියට භාරදීමෙන් පසු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

38 හැවිරිදි මෝටර් රථයේ රියදුරු මෙම සිද්ධිය හිතාමතා කළ එකක් දැයි සොයා බැලීමට විමර්ශන නිලධාරීන් පරීක්ෂණ ක්‍රියාත්මක කර ඇති බවද විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.

මෙම අනතුරෙන් මිය ගොස් ඇත්තේ 70 හැවිරිදි පුද්ගලයෙකු සහ තවත් 60 හැවිරිදි පුද්ගලයෙකු බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

එමෙන්ම රෝහලේ ප්‍රතිකාර ලබන තුවාලකරුවන් අතර කුඩා දරුවන් ද සිටින බව කැනේඩියානු මාධ්‍ය වාර්තා කරනවා.

Share This