කැන්ඩි ෆැල්කන්ස් හමුවේ කලම්බු ස්ටාර්ස් පරදී

කැන්ඩි ෆැල්කන්ස් හමුවේ කලම්බු ස්ටාර්ස් පරදී

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ඊයේ (06) පැවති දෙවන තරගයෙන් කලම්බු ස්ටාර්ස් කණ්ඩායම පරාජයට පත්කරමින් ලකුණු 109ක ජයක් හිමි කරගැනීමට කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායම සමත් වුණා.

ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායම එක් කඩුල්ලක් පමණක් දවී ලකුණු 199ක් රැස් කළ අතර කලම්බු ස්ටාර්ස් කණ්ඩායමට ලබාගැනීමට හැකිවූයේ ලකුණු 90ක් පමණයි.

කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායම වෙනුවෙන් ඇන්ඩ්‍රේ ෆ්ලෙචර් නොදැවී ලකුණු 102ක් රැස් කළ අතර වනිඳු හසරංග ලකුණු 14කට කඩුලු 4ක් දවාගැනීමට සමත් වුණා.

 

Share This