කැනේඩියානු පුරවැසියන්ට වීසා නිකුත් කිරීම පිළිබඳව ඉන්දියාවේ අවධානය

කැනේඩියානු පුරවැසියන්ට වීසා නිකුත් කිරීම පිළිබඳව ඉන්දියාවේ අවධානය

කැනඩාවේ සිටින සිය රාජ්‍ය තාන්ත්‍රිකයන්ගේ ආරක්ෂාව පිළිබඳ ප්‍රගතියක් දුටුවහොත් කැනේඩියානු පුරවැසියන්ට වීසා නිකුත් කිරීම නැවත ආරම්භ කරන බව ඉන්දීය විදේශ අමාත්‍ය එස් ජයශංකර් පවසා තිබෙනවා

ආරක්‍ෂක තර්ජන හේතුවෙන් කැනඩාවේ සිය දූත මණ්ඩලවල කටයුතු අඩාලවන බව පවසමින් කැනේඩියානු පුරවැසියන්ට ඉන්දියාව සැප්තැම්බර් මාසයේදී වීසා ලබාදීම නතර කරනු ලැබුවා

කැනේඩියානු අගමැති ජස්ටින් ටෘඩෝ තම රටේදී සීක් නායකයෙකුගේ ඝාතනයට ඉන්දීය රාජ්‍යය සම්බන්ධ කළ හැකි විශ්වසනීය චෝදනා විමර්ශනය කරන බව සැප්තැම්බර් මාසයේදී ප්‍රකාශ කිරීමෙන් පසු රටවල් අතර සබඳතා බිඳ වැටුණා.

ඉන්දියාව එම චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරමින් රාජ්‍ය තාන්ත්‍රිකයන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් පියවර ගත් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ

පසුගිය සතියේ කැනඩාවේ විදේශ අමාත්‍යවරයා කියා සිටියේ රාජ්‍ය තාන්ත්‍රිකයින් 41 දෙනෙකු ඉන්දියාවෙන් පිටව ගොස් ඇති බවයි

මෙය සිදු වූයේ ඉන්දියාව එහි කාර්ය මණ්ඩලය ඉවත් කර ගන්නා ලෙස කැනඩාවෙන් ඉල්ලා සිටීමෙන් පසුව බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ

කැනේඩියානු බලධාරීන් මෙය හඳුන්වනු ලබන්නේ “ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීමක්” ලෙසිනුයි .

Share This