කැනේඩියානු සාම ක්‍රියාකාරිකයෙකු හමාස් ප්‍රහාරවලින් මියයයි

කැනේඩියානු සාම ක්‍රියාකාරිකයෙකු හමාස් ප්‍රහාරවලින් මියයයි

කැනේඩියානු සාම ක්‍රියාකාරිකයෙකු හමාස් ප්‍රහාරවලින් මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

‘සාමය වෙනුවෙන් ජීවිත කාලය පුරාම පෙනී සිටි’ 74 හැවිරිදි Vivian Silver හමාස් සටන්කාමීන් විසින් ප්‍රාණ ඇපයට ගැනීමෙන් පසුව ඝාතනය කර ඇති බවයි ඇති බවට මූලික වාර්තාවලින් අනාවරණය වී ඇත්තේ.

ඊශ්‍රායල සහ පලස්තීනුවන් අතර සාමය ඇති කිරීම සඳහා දශක ගණනාවක් තිස්සේ කටයුතු කළ කැනේඩියානු සම්භවයක් ඇති ක්‍රියාකාරිනියක වන Vivian Silver, ඔක්තෝබර් 7 වන දින හමාස් සටන්කාමීන් ප්‍රාණ ඇපයට ගෙන තිබෙනවා.

ටොරොන්ටෝ හි ඊශ්‍රායල කොන්සල් ජනරාල් Idit Shamirඇයගේ පවුලේ අයට මේ පණිවුඩය දැනුම් දී ඇති අතර Vivian Silver මහත්මියගේ ඝාතනය ගැන ඊශ්‍රායලය ඔවුන්ගේ ශෝකය පළ කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

Share This