කැනේඩියානුවන් සඳහා වීසා නිකුත් කිරීමට ඉන්දියාව සූදානමින්

කැනේඩියානුවන් සඳහා වීසා නිකුත් කිරීමට ඉන්දියාව සූදානමින්

කැනේඩියානුවන් සඳහා වීසා නිකුත් කිරීම ඉන්දියාව පසුගිය සැප්තැම්බර් මාසයේදී නවතා දැමීමෙන් පසු එම වීසා  සේවා නැවත ආරම්භ කරන බව ඔටාවා හි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය පවසනවා

සික් බෙදුම්වාදියෙකු කැනේඩියානු භූමියේදී ඝාතනය කිරීම සම්බන්ධයෙන් ඇති වූ බරපතල ආරවුලක් මධ්‍යයේ මෙම වීසා ලබාදීම අත්හිටවනු ලැබුවා

ඝාතනය පිටුපස ඉන්දියාව සිටින බවටයි කැනඩා අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේ

කෙසේවෙතත් මේ වනවිට නිලධාරීන් සඳහන් කරන්නේ ඔවුන්ගේ දූත මණ්ඩලවල ආරක්ෂක තත්ත්වය සමාලෝචනය කිරීමෙන් පසු වීසා නිකුත් කිරීම නැවත ආරම්භ කරන බවයි

අද (26) සිට වීසා නිකුත් කිරීම නැවත ආරම්භ වන අතර, ප්‍රවේශ වීසා සඳහා මෙන්ම ව්‍යාපාරික, වෛද්‍ය සහ සම්මන්ත්‍රණ වීසා සඳහාද එය අදාළ වනු ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

කැනඩාව ඉන්දියාව සමග ඇති අමනාපය උත්සන්න කිරීමට බලාපොරොත්තු නොවන බව අවධාරණය කරන අතරම, දැනට පවතින මිනීමැරුම් විමර්ශනයට ඉන්දියාවේ සහයෝගීතාව ලබා දෙන ලෙස කැනඩාවේ අග්‍රාමාත්‍යවරයා ඉල්ලා සිටිනවා .

ඉන්දියාවෙන් සිය රාජ්‍යතාන්ත්‍රිකයින් රැසක් ඉවත් කර ගත් බව කැනඩාව මීට පෙර සඳහන් කළා

නමුත් තවත් කැනේඩියානු රාජ්‍ය තාන්ත්‍රිකයින් 21 දෙනෙකු ඉන්දියාවේ රැඳී සිටින බවද සඳහන්

 

Share This