
කැබිතිගොල්ලෑව මාරක රිය අනතුරින් එක් අයෙක් මිය ගොස් තිදෙනෙක් රෝහලේ ..
කැබිතිගොල්ලෑව – පදවිය ප්‍රධාන මාර්ගයේ, මහනැටියාව ප්‍රදේශයේ පිහිටි කිලෝමීටර් 07 කණුව ඉදිරිපිටදි ඊයේ (17) සවස මෝටර් රථයක් සහ කැබි රථයක් එකිනෙක ගැටී සිදුවූ මාරක රිය අනතුරකින් එක් අයෙකු මියගොස් තවත් තිදෙනෙකු බරපතල තුවාල ලබා රෝහල් ගතකර තිබෙනවා.
මෙලෙස මියගොස් ඇත්තේ මෝටර් රථයේ රියදුරු වන ඇතාකඩ, ඇටවීරගොල්ලෑව, මැදවච්චිය ලිපිනයේ පදිංචි 47 හැවිරිදි ගුරුවරයෙක්.
පදවිය දෙස සිට කැබිතිගොල්ලෑව දෙසට ධාවනය වු කැබ් රථයක් හා කැබිතිගොල්ලෑව දෙස සිට පදවිය දෙසට ධාවනය වු මෝටර් රථයක මුහුණට මුහුණගැටී මෙම අනතුර සිදුව තිබුණා.
එම ගැටීමෙන් මෝටර් රථය සහ කැබ් රථය මාර්ගයෙන් ඉවතට ධාවනය වී අසල ඇති වෙල් යායකට ගොස් තිබෙනවා.
පොලිසිය මූලික පොලිස් පරික්ෂණ වලින් හෙළිවී ඇත්තේ වර්ෂාවත් සමග මාර්ග ලිස්සන සුලු වීමත්, අධික වේගයෙන් රිය ධාවනයත් හේතුවෙන් වේගය පාලනය කරගැනීමට නොහැකිව මෙම අනතුර සිදුව ඇති බවයි.
සිදුවු රිය අනතුරින් තිදෙනෙක් තුවාල ලබා ඇති අතර මෝටර් රථයේ රියදුරු එම ස්ථානයේදී මියගොස් තිබෙනවා.
තුවාලකරුවන් වැඩිදුර ප්‍රතිකාර සඳහා කැබිතිගොල්ලෑව රෝහල වෙත ඇතුලත් කර ඇති අතර වැඩිදුර ප්‍රතිකාර සඳහා වව්නියාව රෝහල වෙත යැවීමට රෝහල් බලධාරින් කටයුතු කර තිබෙනවා.