කැලිෆෝනියාවට ගංවතුරෙන් පීඩා (PHOTOS )

කැලිෆෝනියාවට ගංවතුරෙන් පීඩා (PHOTOS )

කැලිෆෝනියාවේ ජනතාව දරුණු ගංවතුරකට මුහුණ දෙමින් සිටින බව විදෙස් මාධ්‍ය පවසනවා.

එමෙන්ම තවත් සතියක පමණ කාලයක් කුණාටු සහිත කාලගුණයකට මුහුණ දීමට සිදුවන බවයි කාලගුණ විද්‍යාඥයින් අනතුරු අඟවා තිබෙන්නේ .

ලොස් ඇන්ජලීස් ප්‍රදේශය ඇතුළුව මධ්‍යම සහ දකුණු කැලිෆෝනියාවේ මිලියන සංඛ්‍යාත ජනතාවක් ගංවතුර ගැන අවධානයකින් සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

දෙසැම්බර් මාසයේ සිට හිම, ගංවතුර, සහ නායයෑම් නිසා විදුලිය ද සමහර ප්‍රදේශවලට විසන්ධි තිබෙනවා.

ගංවතුර හේතුවෙන් පැසිෆික් වෙරළ ආසන්නයේ අධිවේගී මාර්ගයේ කොටසක් වසා දමා ඇති බවද පැවසෙනවා.

Alpaugh සහ Allensworth යන නගර දෙකෙන් දහස් ගණනක් ඉවත් කර ඇති බවද විදෙස් මාධ්‍ය පවසනවා.

 

Share This