කැලිෆෝනියාවේ නිවසක මරා දැමු අයගේ ඡායාරූප මාධ්‍යයට ( PHOTOS )

කැලිෆෝනියාවේ නිවසක මරා දැමු අයගේ ඡායාරූප මාධ්‍යයට ( PHOTOS )

කැලිෆෝනියාවේ නිවසක යම්කිසි කණ්ඩායමක් විසින් සිදු කළා යැයි සැක කෙරෙන වෙඩි තැබීමකින් 6 දෙනෙක් මිය ගොස් ඇති බව ඊයේ (17) විදෙස් මාධ්‍ය වාර්තා කළ අතර මේ වන විට ඔවුන් හඳුනාගෙන තිබෙනවා

ඒ අනුව මියගිය අය අතර 16 හැවිරිදි මවක්, ඇගේ මාස 10 ක් වයසැති පුතා සහ බිළිඳාගේ මිත්තණිය සහ ලොකු අම්මා සිටින බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ

මොවුන් මරා දමා තිබුණු නිවස පසුගිය සතියේ එරට පොලිසිය විසින්ද වටලා තිබුණේ මත්ද්‍රව්‍ය සම්බන්ධව ලැබුණු තොරතුරක් මත වන අතර එහි තිබී මත්ද්‍රව්‍ය තොගයක්ද සොයා ගෙන තිබෙනවා.

ඉන් දින කිහිපයකට පසුව එම නිවසේ ජීවත්වුණු මොවුන් යම්කිසි කණ්ඩායමක් විසින් මරා දමා ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ

මෙම ඉලක්කගත සමූල ඝාතනයේ දන්නා හඳුනන සැකකරුවන් දෙදෙනෙකු සොයමින් සිටින බවද එරට පොලිසිය සඳහන් කරනවා.

වෙඩි තැබීමෙන් හය දෙනෙක් මිය ගිය අතර තිදෙනෙක් දිවි ගලවා ගත් බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේ

Rosa Parraz (72) ,Eladio Parraz Jr (52),Jennifer Analla (50) ,Marcos Parraz (19), Elyssa Parraz (16) ,Nycholas Parraz (මාස 10) ලෙස විමර්ශකයින් විසින් මරා දැමුණු අය හඳුනාගෙන තිබෙන බවද විදෙස් මාධ්‍ය පවසනවා.

සැකකරුවන් අල්ලාගැනීම සඳහා පොලිසිය මෙක්සිකෝ සහ කැනඩා දේශසීමා නිරීක්‍ෂණය කරමින් සිටින බවද විදෙස් මාධ්‍ය සඳහන් කරනවා

මියගිය අයගේ පශ්චාත් මරණ පරීක්ෂණවල ප්‍රතිඵල සිකුරාදා(20) වන විට අපේක්ෂා කරන බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ .

Share This