කැස්ස සිරප් වර්ගයක් නිසා උස්බෙකිස්තානයේත් ළමා ජීවිත අහිමි වෙයි

කැස්ස සිරප් වර්ගයක් නිසා උස්බෙකිස්තානයේත් ළමා ජීවිත අහිමි වෙයි

කැස්ස සිරප් පානය කිරීමෙන් ළමුන් 18 දෙනෙකු මියගොස් ඇති බව උස්බෙකිස්තාන සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කර තිබෙන බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා

එම ඖෂධ තොගයේ විෂ සහිත ද්‍රව්‍යයක් අඩංගු වී ඇති බව මූලික පරීක්ෂණවලින් පෙනී ගොස් ඇති බවද එම අමාත්‍යාංශය සඳහන් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ

වෛද්‍යවරයාගේ නිර්දේශයකින් තොරව දරුවන්ට මෙම කැස්ස සිරප් ලබා දී ඇති බවත් සම්මත මාත්‍රාව ද ඉක්මවා ලබා දී ඇති බවත් සඳහන් වනවා

ඉන්දීය ඖෂධ නිෂ්පාදකයෙකු විසින් නිෂ්පාදනය කරන ලද කැස්ස සිරප් ළමුන්ට ලබාදීමෙන් මෙම මරණ සිදුවූ බවට සැක පළ කරන බවයි උස්බෙකිස්තාන සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කර තිබෙන්නේ

කැස්ස සිරප් ලබා දීමෙන් ළමා මරණ 66ක් සිදුවුවා යැයි සැක පළකරමින් ගැම්බියාවෙන්ද මිට පෙර ඉන්දියානු සමාගමක් වෙත චෝදනා එල්ල කරනු ලැබුවා

පසුගිය ඔක්තෝම්බර් මාසයේදී ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) ගෝලීය අනතුරු ඇඟවීමක්ද මේ සම්බන්ධයෙන් නිකුත් කර තිබුණා

පසුගිය සතියේදී ගැම්බියාවේ පාර්ලිමේන්තු කමිටුවක් සති කිහිපයක විමර්ශනයකින් පසුව ඉන්දියානු ඖෂධ සමාගමට එරෙහිව නඩු පැවරීමට නිර්දේශ කර ඇති අතර සමාගම විසින් සිදුකරන සියලුම නිෂ්පාදන රට තුළ තහනම් කිරීමට ද එම කමිටුව නිර්දේශ කර ඇති බවත් විදෙස් මාධ්‍ය සඳහන් කරනවා

කෙසේවෙතත් අදාල නිෂ්පාදන සමාගම් මේ සියළු චෝදනා ප්‍රතික්ෂේප කර ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ

Share This