කියුබාවේ සාම්ප්‍රදායික මැයි දින රැලිය අත්හිටුවයි

කියුබාවේ සාම්ප්‍රදායික මැයි දින රැලිය අත්හිටුවයි

සෑම වසරකම සාම්ප්‍රදායිකව පවත්වනු ලබන මැයි දින රැලිය නොපැවැත්වීමට කියුබානු රජය තීරණය කර තිබෙනවා.

1959 වසරේ සිට පැවති එම මැයි දින රැලිය එරට පවතින ඉන්ධන හිඟය හේතුවෙන් නොපැවැත්වීමට කියුබානු කොමියුනිස්ට් රජය තීරණය කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

සෑම වසරකදීම කම්කරු දිනය සැමරීම දහස් සංඛ්‍යාත කියුබානු වැසියන් එරට හවානා නගරයේ “Revolution Square” ස්ථානයට එක්රැස් වීම සම්ප්‍රදායක්.

පසුගිය දිනයකදී කියුබානු ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබුණේ එරට ඉන්ධන අවශ්‍යතාවයෙන් තුනෙන් දෙකක ප්‍රමාණයක් පමණක් පවතින අතර ගිවිසුම්ගත ලෙස අවශ්‍ය ඉන්ධන ප්‍රමාණය ලබා දීමට ඉන්ධන සැපයුම්කරුවන් අපොහොසත් වී ඇති බවයි.

පසුගිය සති කිහිපයේ දී එරට ඉන්ධන පිරවුම්හල් ඉදිරිපිට දිගු රථවාහන පෝලිම් ද දක්නට ලැබුණු ආකාරය විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණා.

Share This