කියෙව් නගරයට දිගින් දිගටම රුසියාවෙන් ප්‍රහාර (PHOTOS )

කියෙව් නගරයට දිගින් දිගටම රුසියාවෙන් ප්‍රහාර (PHOTOS )

රුසියාව විසින් මුළු රාත්‍රිය පුරා මෙන්ම උදෑසන කාලයේත් යුක්‍රේනය හරහා ඩ්‍රෝන් සහ මිසයිල ප්‍රහාර එල්ල කරමින් සිවිල් වැසියන් බිය ගැන්වීමට උත්සාහ කරන බව ජනාධිපති සෙලෙන්ස්කි සඳහන් කර තිබෙනවා

කියෙව් නගරයට එල්ලවූ ඩ්‍රෝන ප්‍රහාරයකින් එක් කාන්තාවක් මිය ගොස් තවත් පුද්ගලයින් තුවාල ලබා ඇති බව නගරයේ නගරාධිපති පවසා තිබෙන බවද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

කියෙව් නගරයේ ගොඩනැගිලිවලට හානි සිදුවීමෙන් පසු ජනතාව ගලවා ගැනීමේ කටයුතු මේ වනවිට සිදුවෙමින් පවතින බවද වාර්තා වනවා

ඉරානයේ නිෂ්පාදිත ඩ්‍රෝන යානා මෙම ප්‍රහාර සඳහා භාවිතා කරන බවට ජනාධිපති සෙලෙන්ස්කි මීට පෙර රුසියාවට චෝදනා කළ බවද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

ඉරානය එම චෝදනාව ප්‍රතික්ෂේප කර ඇති අතර රුසියාව ඒ පිළිබඳව අදහස් දක්වා නැහැ

කෙසේවෙතත් ඊයේ(16) රාත්‍රියේ සහ අද (17) උදෑසන ඩ්‍රෝන යානා 40කට ආසන්න ප්‍රමාණයක් වෙඩි තබා බිම හෙලූ බව යුක්‍රේන සන්නද්ධ හමුදා ප්‍රකාශ කර ඇති බවද විදෙස් මාධ්‍ය පවසනවා

 

Share This