කිරින්ද, ඇඳගලවැල්ල මුහුදු ප්‍රදේශයේ දී මත්ද්‍රව්‍ය සමග අත් අඩංගුවට ගත් සැකකරුවන්ගේ දේපළ ගැන විමර්ශනයක්

කිරින්ද, ඇඳගලවැල්ල මුහුදු ප්‍රදේශයේ දී මත්ද්‍රව්‍ය සමග අත් අඩංගුවට ගත් සැකකරුවන්ගේ දේපළ ගැන විමර්ශනයක්

කිරින්ද, ඇඳගලවැල්ල මුහුදු ප්‍රදේශයේ තිබී හමුවූ අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 330කට ආසන්න ප්‍රමාණයක් සමඟ අත්අඩංගුවට ගත් පුද්ගලයින් 7 ගේ වත්කම් සහ දේපළ සම්බන්ධයෙන් මේ වනවිට පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා

එහිදී පොලීසිය සොයාගත් මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් කෝටි 449කට ආසන්නයි.

ඒ අනුව ඉන් එක් සැකකරුවෙකුගේ බොරැල්ල ප්‍රදේශයේ පිහිටි මහල් 3 කින් සමන්විත නිවසක් සහ මහල් 4 කින් සමන්විත ඉදිකරමින් පවතින නිවසක් පරීක්‍ෂා කිරීමට විමර්ශන නිලධාරීන් ඊයේ කටයුතු කළා.

එහිදී එම සැකකරුගේ බිරිඳගේ බැංකු ගිණුමක තිබී රුපියල් කෝටියක මුදලක් ද විමර්ශන නිලධාරීන් විසින් සොයාගෙන ඇති අතර, සැකකරුගේ බැංකු ගිණුම්ද ඉදිරියේදී පරීක්‍ෂා කිරීමට නියමිත බවයි පොලිසිය පැවසුවේ.

 

Share This