
කුඩාඔය පොලිසිය ආසන්නයේ දී ත්‍රිරෝද රථයක් කුඩුකර පිහියකින් අනින්න හදලා
තණමල්විල වැල්ලවාය මාර්ගයේ කුඩාඔය ප්‍රදේශයේ දී පුද්ගලයකු පැමිණ වෙළෙඳ සැලකින් බඩු ගැනීමට පැමිණි පුද්ගලයකුට පහරදීමට උත්සාහ කර තිබෙනවා.
පසුව එම පුද්ගලයා අසල තිබූ වෙළෙඳ සැලක් තුලට ගොස් එහි සිටි අයගේ සහයෝගයෙන් දිවි බේරගන ඇතැයි වාර්තා වුණා.
එම අවස්ථාවේදී පහර දීමට පැමිනි පුද්ගලයා යකඩ පොල්ලක් රැගෙන වෙළෙඳ සැලට පැමිණි පුද්ගලයාගේ ත්‍රිරෝද රථයට පහරදී ඊට හානි කරන ආකාරය cctv කැමරාවක සටහන්ව තිබුණා.
පසුව අදාල පුද්ගලයා ඒ පිළිබඳ කුඩාඔය පොලිස් ස්ථානයට පැමිණිළි කළ ද මෙතෙක් ඔහු අත්අඩංගුවට ගෙන නැතැයි ත්‍රිරෝද රථයේ හිමි කරු පවසනවා.
