කුඩු ඇද්ද “බෝධියවත්තේ චූටි” කෝටි ගණනක කුඩු එක්ක පිළියන්දල දී මාට්ටු

කුඩු ඇද්ද “බෝධියවත්තේ චූටි” කෝටි ගණනක කුඩු එක්ක පිළියන්දල දී මාට්ටු

මොරටුව විශේෂ කාර්යය බලකායේ විශේෂ මෙහෙයුම් අංක 03 නිලධාරීන් විසින් පිළියන්දල බෝකුන්දර ප්‍රදේශයේ සිදුකළ හදිසි වැටලීමකදී හෙරොයින් කිලෝ 02 ග්‍රෑම් 106 , අයිස් ග්‍රෑම් 475 ජංගම දුරකථන දෙකක් හා මුදල් සමග එකම පවුලේ සහෝදරයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිසිය පැවසුවේ මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ “බෝධියවත්තේ චූටි” (23 සහ 25) හා තවත් පුද්ගලයෙකු බවයි.

මොවුන් එකම පවුලේ අයියා මලෝ දෙදෙනෙකු බව සඳහන්.

විශේෂ කාර්ය බලකායේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව පිළියන්දල,බෝකුන්දර හන්දියේ සිදුකළ හදිසි පරීක්ෂාවකදී මාර්ගයේ ධාවනය වූ යතුරුපැදියක් පරීක්ෂා කිරීමේදී මෙම මත්ද්‍රව්‍ය සොයාගෙන තිබෙනවා.

මෙම පුද්ගලයින් ගමන් ගත් පැදිකරුට අයත් බෑගයක හෙරොයින් කිලෝ 02 ග්‍රෑම් 106, අයිස් ග්‍රෑම් 478 ජංගම දුරකථනයක් සමග යතුරුපැදිය පොලීසිය භාරයට ගත්තා.

ඩුබායි රාජ්‍යයේ සැඟව සිටින සංවිධානාත්මක අපරාධකරුවකුගේ මෙහෙයවීම මත සිදු සිදුකරන මත්ද්‍රව්‍ය ජාවාරමකට මෙම මත්ද්‍රව්‍ය අයත් බවට පොලීසිය අනාවරණය කරගෙන තිබෙනවා.

 

Share This