
කුඩු බොන්න හෙට්ටිවීදියේ රන් බඩු ඉස්සූ හොරෙක් අත්අඩංගුවට
පිටකොටුව , හෙට්ටිවීදිය ප්‍රදේශයේ රන් හා රිදී භාණ්ඩ අලෙවි සැලකින් රුපියල් ලක්ෂ 60 කට අධික රන් හා රිදී භාණ්ඩ සොරකම් කළ පුද්ගලයෙකු පොලිසි මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිසිය පැවසුවේ අදාළ සැකකරු දිවයිනේ ලියාපදිංචි අපරාධකරුවෙකු ලෙස හඳුනාගෙන ඇති අතර ඔහු තදින් මත්ද්‍රව්‍ය පානයට ද ඇබ්බැහි වූ පුද්ගලයෙකු බවයි.
මීට ඉහතදී සැකකරු ඔහුගේ වකුගඩුවක් ද විකුණා මත්ද්‍රව්‍ය පානය කර ඇති බවට ද තොතුරු වාර්තා වී තිබෙනවා.
