කුණාටු මැද දකුණු කැලිෆෝනියාවට ප්‍රබල භූ කම්පනයක්

කුණාටු මැද දකුණු කැලිෆෝනියාවට ප්‍රබල භූ කම්පනයක්

දකුණු කැලිෆෝනියාවට මේ වනවිට හිලරි කුණාටුව ළඟා වී ඇති අතර රිච්ටර් මාපකයේ 5.1 ක භූ කම්පනයක්ද සිදුව ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා

එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණයට අනුව,ලොස් ඇන්ජලීස් සහ ඒ අවට ප්‍රදේශවලට එය දැනී ඇති බවයි පැවසෙන්නේ

වැලෙන්සියා හි සැතපුම් 50 ක් පමණ දුරින්, භූමිකම්පාව තත්පර 20 ක පමණ කාලයක් පැවති අතර හොලිවුඩ් ප්‍රදේශයේට සුළු බලපෑමක් ඇතිව ඇති බව සඳහන්

අවම වශයෙන් තවත් පසු කම්පන දෙකක් වාර්තා වී ඇති අතර රිච්ටර් මාපකයේ 3.1 ක් සහ 3.6ක් ලෙසයි එය සටහන්ව ඇත්තේ

මේ අතර හිලරි නිවර්තන කුණාටුව දකුණු කැලිෆෝනියාවට ළඟා වී අතර මිලියන 9 කට අධික ජනතාවකට හදිසි ගංවතුර අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා

Share This