පැසිෆික් සාගරයේ මාස දෙකක කාලයක් අතරමං වී සිටි ඕස්ට්‍රේලියානු නාවිකයෙකු බේරා ගැනේ

පැසිෆික් සාගරයේ මාස දෙකක කාලයක් අතරමං වී සිටි ඕස්ට්‍රේලියානු නාවිකයෙකු බේරා ගැනේ

පැසිෆික් සාගරයේ මාස දෙකක කාලයක් අමු මාළු අනුභව කිරීමෙන් සහ වැසි ජලය පානය කිරීමෙන් දිවි ගලවා ගත් ඕස්ට්‍රේලියානු නාවිකයෙකු යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් සිටින බව විදෙස් මාධ්‍ය පවසනවා

Sydney හි පදිංචි 51 හැවිරිදි Tim Shaddock සහ ඔහුගේ Bella නැමැති සුනඛයා පසුගිය අප්‍රේල් මාසයේදී මෙක්සිකෝවෙන් ප්‍රංශයේ පොලිනීසියාව බලා පිටත්ව ගිය නමුත් ඔවුන්ගේ බෝට්ටුව සති කිහිපයකට පසු කුණාටුවකට හසුවී තිබෙනවා

පසුව හෙලිකොප්ටරයකින් ඔවුන්ව දැක දැනුම්දීමකින් පසු මේ සතියේ ට්‍රෝලර් යාත්‍රාවක් මගින් ඔවුන්ව බේරා ගත් බවයි පැවසෙන්නේ

Tim Shaddock මෙක්සිකෝවේ ලා පාස් නගරයේ සිට කිලෝමීටර් 6,000කට වඩා ඔහුගේ මුහුදු ගමන යාම සඳහා පිටත්ව ගිය බවයි ඔහු පවසන්නේ

Share This