කුණාටුවකට හසුවූ තායිලන්ත නැවේ සිටි නාවිකයන් 31ක් අතුරුදන් (VIDEO )

කුණාටුවකට හසුවූ තායිලන්ත නැවේ සිටි නාවිකයන් 31ක් අතුරුදන් (VIDEO )

තායිලන්ත මුහුදු ප්‍රදේශයේ ඇති වූ කුණාටුවකින් කාර්ය මණ්ඩලය 100කට අධික පිරිසක් රැගත් යුද නෞකාවක් පෙරලී ගිලී යාමෙන් නාවිකයන් 31 දෙනෙකු අතුරුදන්ව ඇති බව තායිලන්ත නාවික හමුදාව පවසනවා

එරට බලධාරීන් සඳහන් කර තිබෙන්නේ කාර්යය මණ්ඩලය 75 දෙනෙකු බේරා ගත් නමුත් 31 දෙනෙකු තවමත් මුහුදේ අතුරුදන් වී ඇති බවයි.

පැය 12 කට වඩා වැඩි කාලයක් ගත වී ඇති නමුත් දිගටම සොයා බැලීමේ මෙහෙයුම් කටයුතු සිදු කරන බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ

ආපදාවට හේතුව පිළිබඳව පරීක්ෂණයක් පවත්වන බව ද එරට නාවික හමුදාව නිවේදනය කර තිබෙනවා

මෙම නෞකාව ඉරිදා(18) කුණාටුවට හසුවන විට Prachuap Khiri Khan පළාතේ Bang Saphan දිස්ත්‍රික්කයේ වෙරළට කිලෝමීටර් 32ක් (සැතපුම් 20ක්) ඔබ්බෙන් වූ මුහුදේ මුර සංචාරයක යෙදී සිට ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ

Share This