කුරුණෑගල රුධිර කාන්දු ඒකකය වැසේ
කුරුණෑගල ශික්ෂණ රෝහලේ වකුගඩු රෝගින් සඳහා ක්‍රියාත්මක රුධිර කාන්දුකරණ ප්‍රතිකාර ඒකකය තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන තිබෙනවා.
පසුගිය දින කිහිපය තුළ එම ඒකකයේ ප්‍රතිකාර ලැබූ වකුගඩු රෝගින් කිහිපදෙනෙකු මියයාමේ සිද්ධීන් සැලකිල්ලට ගනිමින් ඊයේ (23) දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි අදාළ ඒකකය වසා දැමීමට පියවර ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
ඒ අනුව මාසයක පමණ කාලය තුළ එම ඒකකයෙන් රුධිර කාන්දුකරණයට ලක්කළ වකුගඩු රෝගීන් 05 දෙනෙකු මියගොස් ඇති බව සඳහන්.
විෂබීජ ආසාදනයක් හෝ රුධිර කාන්දුකරණය සඳහා භාවිත කරන රසායනික ද්‍රව්‍ය හෝ උපකරණවල ගැටලුවක් මෙම තත්ත්වයට හේතු වී ඇති ද යන්න සම්බන්ධයෙන් රෝහල් මට්ටමින් පරීක්ෂණයක් සිදුකර තිබුණ ද එහිදී නිශ්චිත හේතුවක් අනාවරණය කරගැනීමට නොහැකි වී තිබෙනවා.
ඒ අනුව සෞඛ්‍ය අමාත්‍යාංශය මට්ටමින් සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කිරීමට නියමිතයි.
මේ සම්බන්ධයෙන් අද පෙරවරුවේ විකාශය වූ ස්වර්ණවාහිනී පත්තරේ වැඩසටනෙන් ද අවධානය යොමු වුණා.