
කුරුණෑගල ව්‍යාපාරිකයා ඝාතනයට සැකපිට දෙකක් අල්ලයි (VIDEO)
කුරුණෑගල, මිල්ලව ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයකු පැහැර ගෙන ගොස් ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු ඇතුළු තවත් සැකකරුවෙක් මාවතගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මේවනවිට සිදු කළ විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ මෙම ප්‍රධාන සැකකරු කලක් අදාළ ව්‍යාපාරිකයා යටතේ සමීපව සේවය කළ පුද්ගලයෙකු බවයි.
පසුගිය 25 වැනිදා කමල් සම්පත් නමැති 49 හැවිරිදි ව්‍යාපාරිකයා කොණ්ඩය කැපීමට යන බව පවසා නිවසින් පිටව ගොස් තිබුණු අතර ඔහුගේ පැමිණීම ප්‍රමාද වීම හේතුවෙන් බිරිඳ විසින් එදින රාත්‍රී 11ට පමණ මාවතගම පොලිසියට පැමිණිල්ලක් සිදුකර තිබුණා.
ඒ අනුව විමර්ශන ආරම්භ කළ මාවතගම පොලිසියට පිළිස්සුණු මළසිරුරක් සහිත ජීප් රථයක් මහව කට්ටඹුවාව දියබැටේ රේල් පාර ආසන්නයේ කැළෑබඳ ප්‍රදේශයක් තුළ තිබී සොයා ගැනීමට හැකි වුණා.
පසුව අදාළ ව්‍යාපාරිකයා ගමන්ගත් මාර්ගයේ සීසීටීවී පරීක්ෂා කරමින් පොලිසිය අංශ කිහිපයක් ඔස්සේ විමර්ශන මෙහෙයවූවා.
ඒ අනුව මෙම ඝාතන සිද්ධියේ ප්‍රධාන සැකකරු සහ තවත් සැකකරුවෙක් මාවතගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගෙන තිබුණේ කඳුබොඩ, මඩව, පිලැස්ස ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි පුද්ගලයෙක් සහ මහව කුඹුක්වැව ප්‍රදේශයේ පදිංචි 19 හැවිරිදි තරුණයෙක්.
මේවනවිට සිදු කළ විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ මෙම ව්‍යාපාරිකයා මිල්ලව ප්‍රදේශයේ හෝටලයක් පවත්වා ගොස් ඇති අතර අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු කලක් ව්‍යාපාරිකයා යටතේ සමීපව සේවය කළ පුද්ගලයෙකු බවයි.
මෙම ව්‍යාපාරිකයා පැහැරගෙන ගොස් ඔහු සන්තකයේ තිබූ රන් භාණ්ඩ, ජංගම දුරකථනය සහ මුදල් කොල්ල කා ගෙල සිරකර ඝාතනය කර සිරුරට ගිනි තබා තිබුණා.
අපරාධය සිදු කිරීමට යොදාගත් සහ සැකකරු භාවිත කළ ජංගම දුරකථනය, කොල්ලකන ලද මුදලින් මිලට ගත් තවත් ජංගම දුරකථනයයක් පොලිසිය සොයා ගෙන තිබෙනවා.
ඊට අමතරව ව්‍යාපාරිකයාගෙන් කොල්ලකන ලද රන් භාණ්ඩ, මුදල් මේ වන විට සොයා ගැනීමට පොලිසියට හැකිව තිබෙනවා.
මෙම සැකකරුවන් වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මිල්ලව පොලිසිය වෙත භාරදීමටයි පියවර ගෙන ඇත්තේ.