
කුරුණෑගල විශේෂ සම්බන්ධිකරණ කමිටු රැස්වීමේ දී ජනපතිගෙන් තදබල තීරණයක් – ඉස්සරහට අනවසර ඉදිකිරීම් බෑ (VIDEO)
ඉදිරියේදී අනවසර ඉදිකිරීම් සදහා කිසිදු ඉඩක් ලබා නොදෙන අතර ඊට අදාල නීති ද ශක්තිමත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.
ජනාධිපතිවරයා මේ බව පැවසුවේ ඊයේ (07) කුරුණෑගල දිස්ත්රික් ලේකම් කාර්යාලයේදී පැවැති විශේෂ සම්බන්ධිකරණ කමිටු සාකච්ඡාවේදීයි.
ආපදා තත්ත්වය හේතුවෙන් පීඩාවට පත් කුරුණෑගල දිස්ත්රික්කයේ ජනතාවගේ ජන ජීවිතය යථාතත්ත්වයට පත් කිරීම සහ යටිතල පහසුකම් සංවර්ධනය වෙනුවෙන්, ක්රියාත්මක වැඩපිළිවෙල පිළිබදව සොයා බැලීම අද කුරුණෑගල දිස්ත්රික් ලේකම් කාර්යාලයේ විශේෂ දිස්ත්රික් සම්බන්ධිකරණ කමිටු රැස්වීමක් පැවැත්වුණා.
ඒ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඇතුළු මැති ඇමතිවරුන්ගේ සහභාගීත්වයෙන්.
