කුරුළු උණ නිසා Flamingo පක්ෂීන් 220ක් මරුට

කුරුළු උණ නිසා Flamingo පක්ෂීන් 220ක් මරුට

මාරාන්තික කුරුළු උණ රෝගයෙන් ආර්ජන්ටිනාවේ Catamarca පළාතේ Flamingo පක්ෂීන් 220ක් මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මේ වනවිට වෛරසයේ ගෝලීය ව්‍යාප්තිය සම්බන්ධයෙන් විශේෂඥයින්ගේ අවධානය යොමුවී ඇති බවයි වාර්තා වන්නේ.

කුරුළු උණ යනු තාරාවන්, පාත්තයින් සහ හංසයන් වැනි ජලජ පක්ෂීන් හරහා ස්වභාවිකව පැතිරෙන මෙන්ම ඉතා බෝවන සහ මාරාන්තික වෛරස් රෝගයකි

නමුත් එක්සත් ජනපදයේ රෝග පාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථානය සඳහන් කරන්නේ මේ දිනවල පැතිර යන වෛරසය ගෘහස්ථ කුකුළන් වැනි අනෙකුත් පක්ෂි විශේෂවලටද ආසාදනය විය හැකි බවයි.

ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව 2022 සිට රටවල් 80කට වැඩි ප්‍රමාණයක කුරුළු ඉන්ෆ්ලුවෙන්සාහි H5N1 ප්‍රභේදය ව්‍යාප්ත වී ඇති අතර මහාද්වීප පුරා එහි අඛණ්ඩ බලපෑම මධ්‍යයේ විශේෂඥයින් කනස්සල්ලට පත්ව සිටිනවා.

H5N1 යනු අමෙරිකාවේ සහ යුරෝපයේ ගැටලු ඇති කරන භයානකම අනුවාදයයි.

කෙසේ වෙතත් New York ප්‍රාන්තයේ වනජීවී සෞඛ්‍ය වැඩසටහන නිවේදනය කර ඇත්තේ වෛරසය පාලනය කිරීම සඳහා දැනට ඵලදායී ප්‍රතිකාරයක් නොමැති බවයි.

Share This