
කුරුළු උණ පවතින කිසිදු රටකින් සතුන් හෝ සත්ත්ව නිෂ්පාදන ආනයනයට අවසර නැහැ
කුරුළු උණ රෝගය වාර්තා වන කිසිදු රටකින් සතුන් හෝ සත්ත්ව නිෂ්පාදන ආනයනය කිරීමට අවසර නොදෙන බව සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව අවධාරණය කරනවා
ඒ අනුව දැනට රටවල් කිහිපයක යළිත් හිස ඔසවා ඇති Avian Influenza හෙවත් කුරුළු උණ රෝග කාරක වෛරසය වන A(H5N1) වෛරසය මෙරටට ඇතුළුවීම වැළැක්වීම සඳහා ගෙන ඇති පියවර මෙන්ම ක්‍රියාමාර්ග තවදුරටත් ක්‍රියාත්මක කිරීමට කටයුතු කර ඇති බවයි සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය හේමාලි කොතලාවල මහත්මිය පැවසුවේ
එමෙන්ම පළමුවරට අමෙරිකා එක්සත් ජනපදයේ ගවයින් ආශ්‍රිතව ද ඒවියන් ඉන්ෆ්ලුවෙන්සා රෝගය වැළදී ඇති බවට වාර්තා වන නිසා එය දරුණු තත්ත්වයක් බව ද ඇය සඳහන් කළා
මීට අමතරව මෙරට තුළ ක්‍රියාත්මක වන රෝග ආවේක්ෂණ වැඩ පිළිවෙළ පැවැති අන්දමට තවදුරටත් ශක්තිමත් කර ඇති බවත්, අනිසි බියක් ඇති කර ගත යුතු නොමැති බවත් ඇය වැඩිදුරටත් කියා සිටියා