කුසගිනි නිවන්න අමෙරිකාවෙන් මෙරටට ආහාර

කුසගිනි නිවන්න අමෙරිකාවෙන් මෙරටට ආහාර

ආර්ථික අර්බුදය සමඟ ඇතිව තිබෙන ගැටළු පිළිබඳව සළකා බලා අමෙරිකා එක්සත් ජනපදයේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව(USDA), Save the Children සමඟ එක්ව, කඩල පරිප්පු මෙට්‍රික් ටොන් 320ක් මෙරටට ලබා දී තිබෙනවා.

ශ්‍රී ලංකාව පුරා පාසල් දරුවන්ගේ පෝෂණය පිළිබඳව සළකා බලමිනුයි මෙම පරිත්‍යාගය සිදු කර ඇත්තේ.

ආහාර මෙට්‍රික් ටොන් 3,000ක් මෙරටට පරිත්‍යාග කිරීමට ඔවුන් අපේක්ෂා කරන අතර එහි එක කොටසක් ලෙසටයි මෙම පරිත්‍යාගය සිදුකර තිබුණේ.

මෙම අවස්ථාවට එක්සත් ජනපද තානාපතිනී ජූලි චුන්ග්(Julie J. Chung), අධ්‍යාපන අමාත්‍ය වෛද්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියා.

පාසල් ළමුන්ගේ අධ්‍යාපනය කෙරෙහි වැඩි අවදානයක් යොමු කරමින් ඔවුන්ගේ කුසගින්න මැඩපැවැත්වීම සඳහා අමෙරිකානු ජනතාව මෙම පරිත්‍යාගය සිදු කළ බවයි එක්සත් ජනපද තානාපතිනී ජූලි චුන්ග් එම අවස්ථාවේදී පවසා ඇත්තේ.

 

Share This