කෘෂි ඇමති දන්න – ලංකාව නොදන්න වනජීවි‍ කළමනාකරණය

කෘෂි ඇමති දන්න – ලංකාව නොදන්න වනජීවි‍ කළමනාකරණය

වනජීවි‍ කළමනාකරණය යනුවෙන් විෂයක් ලංකාවේ නැති බවත්, එය ඇති කිරීමට උත්සාහ කරන බවත් කෘෂිකර්ම,‍පශූ සම්පත්,‍ඉඩම් සහ‍ වාරි මාර්ග‍ අමාත්‍ය කේ.ඩී.‍ලාල්කාන්ත‍ මහතා‍ පවසනවා.

කෘෂි කර්මාන්තයේ‍ පවතින ගැටළු‍ සම්බන්ධයෙන් ඊයේ(23) කෘෂිකර්ම,‍පශූ සම්පත්,‍ඉඩම් සහ‍ වාරි මාර්ග‍ අමාත්‍ය කේ.ඩී.‍ලාල්කාන්ත‍ මහතා‍ සහ‍ නියෝජ්‍ය‍ අමාත්‍ය නාමල්‍ කරුණාරත්තන‍ මහතා ගේ ප්‍රධානත්වයෙන් ගොවිජන මන්දිරයේ දී‍ පැවැති සාකච්ඡාවක දී මේ අදහස් පළ කර තිබුණා.

මෙහිදී ශ්‍රී‍ ලංකා‍ ජාතික ගොවිජන බල‍ මණ්ඩලය දැනට‍ කෘෂි කර්මාන්තයේ දී‍ ගොවීන්ට මුහුණ පාන්නට සිදුවන ගැටළු‍ සහ‍ ඊට‍ ලබා‍දිය යුතු විසඳුම්‍ සම්බන්ධයෙන් සකස් කළ‍ යෝජනාවලියක් අමාත්‍යවරුන් වෙත පිළිගන්වා තිබෙනවා.

වී‍ අස්වනු නෙලීමේදී සාධාරණ මිලක් ඉදිරිපත් කිරීම සදහා රජයේ මැදිහත්වීම , කෘෂි උපකරණවල බදු ඉවත් කිරීම, වගා කන්නයට පෙ‍ර පොහොර ලබාදීමේ වැඩපිළිවෙලක් සකස් කිරීම ඇතුලු යෝජනා ඊට ඇතුලත්.

බඩ ඉරිගු ගොවීන්ට පොහොර සහනාධාරය ලබාදීම, වන සතුන්ගෙන් භෝග ආරක්ෂා කිරීමට වායු රයිපල ලබාදීම,පොහොර වලට සහතික හෝ පාලන මිලක් නියම කිරීම , කෘෂි රක්ෂණ වන්දි මුදල් වැඩි කිරීම , අස්වනු නෙලන සමයේදී එම භෝග ආනයනයට පෙර ගොවි සංගම්වල අදහස් ලබාගැනීම, ආදී කරුණු ද මෙම යෝජනා වලට ඇතුලත්ව තිබුණා.

 

 

 

 

 

Share This