කෘෂි විද්‍යාව ප්‍රශ්න පත්‍රය පිටවීමේ සිද්ධියේ විභාග ශාලාධිපතිනිය රිමාන්ඩ් (VIDEO)
අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ කෘෂි විද්‍යාව දෙවන ප්‍රශ්න පත්‍රය පිටවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් මොරටුව මහා විද්‍යාලයේ විභාග ශාලාවේ ශාලාධිපතිනිය රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.
ඇය අම්පාර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන මස 02 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර ඇති බව සඳහන්.
මේ සම්බන්ධයෙන් අද උදෑසන විකාශය වූ ස්වර්ණවාහිනී පත්තරේ වැඩසටහනෙන් ද තොරතුරු ඉදිරිපත් වුණා.