කෘෂිකර්මාන්තය සහ ඒ ආශ්රිත රැකියා සඳහා කොරියාවෙන් සහය
කෘෂිකර්මාන්තය සහ ඒ ආශ්රිත රැකියා අවස්ථාවන් සඳහා ශ්‍රී ලංකාවට සහය ලබාදීමට කොරියානු සුළු පරිමාණ ව්‍යවසායක සංගමය ඉදිරිපත් වී තිබෙනවා.
එමෙන්ම ධීවර කර්මාන්තයට අවශ්‍ය තාක්ෂණික සහය සහ පුහුණුව සඳහා පහසුකම් සැලසීමට ද කොරියානු සුළු පරිමාණ ව්‍යවසායක සංගමය එකඟතාවය පළ කර ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.
එම සංගමයේ නියෝජිතයින් පිරිසක් සහ ජනාධිපති කාර්යාලයේ නිලධාරීන් අතර ජනාධිපති කාර්යාලයේදී අද (13) පැවති සාකච්ඡාවකදී එම කරුණු අනාවරණය වී තිබෙනවා.
කොරියාවේ ධීවර කර්මාන්තය සඳහා ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් මෙරටදී පුහුණු කිරීම සහ රැකියා අවස්ථාවන් ලබාදීමට ද අදාළ සාකච්ඡාවේදී අවධානය යොමුව ඇති බව සඳහන්.