කෙන්යාවේ දී සොයාගත් සිරුරු ගැන පරීක්ෂණ ඇරඹේ – සමූහ මිනීවළවල් 60කින් 14ක් සොයා ගැනේ

කෙන්යාවේ දී සොයාගත් සිරුරු ගැන පරීක්ෂණ ඇරඹේ – සමූහ මිනීවළවල් 60කින් 14ක් සොයා ගැනේ

කෙන්යාවේ වෙරළට නුදුරු වනාන්තරයක් මැද තිබියදී හමුවූ සිරුරු සම්බන්ධයෙන් මේ වනවිට අධිකරණ විශේෂඥයින්ගේ අවධානයට ලක්ව තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

සමූහ මිනී වළවල් 14ක් පමණ සොයාගෙන ඇති බවත් ඒ ප්‍රදේශය අවට අධික දුර්ගන්ධයක් පවතින බවත් විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.

මේ වන විට සිරුරු තිස් නවයක් ගොඩගෙන ඇති අතර බේරාගත් ඇතැමුන් ප්‍රතිකාර ලබමින් සිටියදී ජීවිතක්ෂයට පත්වීම නිසා 58 දෙනකු මියගොස් ඇති බව එරට පොලිසිය සඳහන් කරනවා.

මේ අතර පුද්ගලයන් 112 දෙනෙකු අතුරුදහන් වී ඇති බව රතු කුරුස සංවිධානය ප්‍රකාශ කර ඇති අතර මෙම සංඛ්‍යාව තවත් වැඩි විය හැකි බවයි පැවසෙන්නේ .

ප්‍රදේශයේ සමූහ මිනීවළවල් 60ක් පමණ ඇති බවත් ඒවායින් පහෙන් එකක් පමණක් පරීක්‍ෂාවට ලක් කර ඇති බවත් විදෙස් මාධ්‍ය පවසනවා

ආගමික දේශකයෙකුගේ දේශනාවලදී අනුගාමිකයන්ට කුසගින්නේ මිය යන ලෙස පවසා ඇති බවයි තොරතුරු හෙළිව තිබෙන්නේ.

ඒ අනුව මොවුන් එය විශ්වාස කර කුසගින්නේ සිට ඇති බව විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන අතර අතර වනාන්තරය තුළ සෝදිසි කිරීමේ සහ මුදාගැනීමේ මෙහෙයුමක් මේ වන විට ක්‍රියාත්මක බවද සඳහන් වනවා

එමෙන්ම වනාන්තරයේ අක්කර 800 ක ප්‍රදේශයක් අපරාධ ස්ථානයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇති බවද විදෙස් මාධ්‍ය පවසනවා

Share This