කෙන්යාවේ පවතින අධික වර්ෂාව සහ ගංවතුර හේතුවෙන් 10ක් මරුට

කෙන්යාවේ පවතින අධික වර්ෂාව සහ ගංවතුර හේතුවෙන් 10ක් මරුට

දින කිහිපයක් පුරා නොනවතින අධික වර්ෂාව සහ ගංවතුර හේතුවෙන්  පුද්ගලයින් 10 දෙනෙකු මියගොස් ඇති බව කෙන්යාවේ බලධාරීන් පවසනවා

බලපෑමට ලක් වූ මොම්බාසා, කිලිෆි, ක්වාලේ සහ ටනා ගංගා ප්‍රාන්ත තුන හරහා පවුල් 20,000 කට වැඩි පිරිසක් අවතැන් වී ඇති බව වෙරළබඩ ප්‍රාදේශීය පොලිස් කොමසාරිස් Rhoda Onyancha ප්‍රකාශ කර ඇත්තේ.

පවතින අධික වර්ෂාවෙන් සහ ගංවතුරෙන් පසු නොවැම්බර් මස මුල සිට රට පුරා බොහෝ පිරිසක් මිය ගොස් දහස් ගණනක් අවතැන් වී ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

එමෙන්ම අධික වර්ෂාව සහ ගංවතුර හේතුවෙන් සෝමාලියාව සහ ඉතියෝපියාව ඇතුළු අසල්වැසි රටවල ද බොහෝ පිරිසක් මිය ගොස් ඇති බව සඳහන්

Share This