කෙන්යාවේ බස් රථ අනතුරකින් අලියෙක් මරුට – මගීන්ට තුවාල

කෙන්යාවේ බස් රථ අනතුරකින් අලියෙක් මරුට – මගීන්ට තුවාල

කෙන්යාවේ ජාතික වනෝද්‍යානයක් හරහා පවතින කාර්යබහුල අධිවේගී මාර්ගයක ගමන් කළ බස් රථයක අලියෙකු ගැටීමෙන් මගීන් කිහිප දෙනෙකු තුවාල ලබා ඇති බව එරට මාධ්‍ය වාර්තා කරනවා

අලියා එම ස්ථානයේදීම මිය ගොස් ඇති අතර තුවාල ලැබූවන් ප්‍රතිකාර සඳහා අසල රෝහලට ඇතුළත් කර තිබෙන බව විදෙස් මාධ්‍ය පවසනවා

බස් රථය වෙරළබඩ නගරයක් වන මොම්බාසා සිට නයිරෝබි අගනුවර දක්වා ගමන් කරමින් සිටි බවයි වාර්තා වන්නේ

අධිවේගී මාර්ගය දෙපස පිහිටි Tsavo ජාතික වනෝද්‍යානයේ සිටි අලියෙක් පාර හරහා මාරුවීමට යාමේදී මෙම අනතුර සිදුව තිබෙනවා

Share This