කේරළයේ නායයෑම්වලින් මියගිය ගණන 150 ඉක්මවයි

කේරළයේ නායයෑම්වලින් මියගිය ගණන 150 ඉක්මවයි

දකුණු ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ සිදුවූ නායයෑම්වලින් මියගිය සංඛ්‍යාව 150 ඉක්මවා ගොස් තිබෙනවා.

අදාළ සිදුවීම්වලින් 130 දෙනෙකු පමණ තුවාල ලබා ඇති අතර පවුල් 400ක් පමණ අවතැන්ව සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

තවදුරටත් මුදාගැනීමේ මෙහෙයුම් සිදු කෙරෙන අතර පවතින අධික වර්ෂාපතනය හේතුවෙන් එම කටයුතුවලට බාධා එල්ල වී ඇති බව සඳහන්.

පුද්ගලයින් 98 දෙනෙකු පමණ තවමත අතුරුදන් වී සිටින බවට සැක පළ කෙරෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

Share This