කේරළයේ නිවසක් ගිනි ගැනීමෙන් බිළිදෙකු ඇතුළු එකම පවුලේ 5 දෙනෙක් ජීවිතක්ෂයට
කේරළයේ ප්‍රාන්ත අගනුවරට කිලෝමීටර් 45 ක් පමණ ඔබ්බෙන් වූ වර්කාලාහි දලවපුරම්හිදී නිවසේ නිදා සිටි කුඩා දරුවෙකු ඇතුළු පවුලක සාමාජිකයන් පස් දෙනෙකු පිළිස්සී මිය ගොස් සිටියදී සොයා ගෙන් තිබෙන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.
හදිසි ගින්නක් අනතුරට හේතුව බවට සැකකෙරෙන අතර නිශ්චිත හේතුව දැනගත හැක්කේ විදුලි හා අධිකරණ වෛද්‍ය විශේෂඥයන්ගේ වාර්තා ලැබීමෙන් පසුව බව එරට පොලිසිය සඳහන් කරනවා
දෙමහල් නිවසේ විවිධ කාමරවල තිබී පිළිස්සුණු මළ සිරුරු සොයා ගෙන තිබෙනවා.
එමෙන්ම පවුලේ තවත් සාමාජිකයෙකු වහාම අසල රෝහලකට ඇතුළත් කර ඇති අතර ඔහුගේ තත්ත්වය අසාධ්‍ය බවයි පැවසෙන්නේ
එම ස්ථානයට පැමිණි ගිනි නිවන භටයින් නිවසේ පිටුපස දොර කඩා කළු දුමාරයකින් වැසී තිබූ ගොඩනැගිල්ලට ඇතුළු වී ඇති අතර බිම් මහලේ සහ උඩුමහලේ ඇති සාල සම්පූර්ණයෙන්ම ගිනිගෙන විනාශ වී ඇති බවද සඳහන්
ගිනි නිවන භට දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසන්නේ විදුලි පරිපථයක් ගින්නට හේතුව විය හැකි බවත් දුම් ආඝ්‍රාණය වීමෙන් මොවුන් මරණයට පත්ව ඇති බවත්ය