කොංගෝ ගඟේ යාත්‍රාවක් පෙරළීමෙන් 30ක් මරුට – 160කට වැඩි පිරිසක් අතුරුදන්

කොංගෝ ගඟේ යාත්‍රාවක් පෙරළීමෙන් 30ක් මරුට – 160කට වැඩි පිරිසක් අතුරුදන්

කොංගෝ ගඟේ යාත්‍රාවක් පෙරළීමෙන් අවම වශයෙන් පුද්ගලයන් 30 දෙනෙකු පමණ දියේ ගිලී මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

සෝදිසි කිරීම් සහ ගලවා ගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක අතර තුවාල ලැබූ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බවට බියක් පවතින බවයි කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ නිලධාරීන් පවසා තිබෙන්නේ.

යාත්‍රාව පෙරළීමෙන් පුද්ගලයින් 160 කට වැඩි පිරිසක් තවමත් අතුරුදන්ව සිටින බවද විදෙස් මාධ්‍ය පවසනවා.

රාත්‍රියේ ගමන් කළ යාත්‍රාව යාත්‍රාව පෙරළීමට හේතුව වී ඇත්තේ අධික ලෙස මිනිසුන් පටවාගෙන යාම බවයි වාර්තා වී ඇත්තේ.

නිලධාරීන් පවසන්නේ එහි 300 කට අධික පිරිසක් මෙන්ම සිමෙන්ති, ඉන්ධන සහ යකඩ පොලු ඇතුළු භාණ්ඩ ද ප්‍රවාහනය කරමින් තිබු බවයි.

Share This