කොංගෝවේ බෝට්ටුවක ගින්නකින් 50ක් මරුට

කොංගෝවේ බෝට්ටුවක ගින්නකින් 50ක් මරුට

කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ වයඹදිග ප්‍රදේශයේ බෝට්ටුවක් ගින්නකට හසුවීමෙන් පසු පෙරළී යාමෙන් අවම වශයෙන් පුද්ගලයින් 50 දෙනෙකු මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා

කොංගෝ ගඟේ සිදු වූ අනතුරෙන් පසු රතු කුරුස සංවිධානයේ සහ පළාත් බලධාරීන්ගේ සහාය ඇතිව ගලවා ගැනීමේ කණ්ඩායම් සමඟ අතුරුදහන් වූවන් සෙවීමේ කටයුතු සිදු කර ඇති බව සඳහන්

ගින්න ඇතිවන අවස්ථාවේ එහි මගීන් 400ක් පමණ සිට ඇති අතර දිවි ගලවා ගත් 100 දෙනෙකු පමණ ම්බන්ඩාකා නගර ශාලාවේ තාවකාලික නවාතැනකට ගෙන ගොස් ඇති අතර ඔවුන්ගෙන් බොහෝ දෙනෙකුට දරුණු පිළිස්සුම් තුවාල සිදුව ඇති බවයි එම වාර්තාවල දැක්වෙන්නේ

කෙසේ වෙතත් මෙම ගින්න හට ගෙන ඇත්තේ එහි ආහාර පිසින අතරතුර බවයි සඳහන් වන්නේ

Share This