කොංගෝවේ යාත්‍රාවක් පෙරළීමෙන් අතුරුදන්වූ ගණන 167 දක්වා ඉහළට

කොංගෝවේ යාත්‍රාවක් පෙරළීමෙන් අතුරුදන්වූ ගණන 167 දක්වා ඉහළට

කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ ගංගාවක යාත්‍රාවක් පෙරළීමෙන් පසු අතුරුදන් වූ පුද්ගලයින් ගණන 167 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබෙනවා

ගලවා ගැනීමේ සේවකයින් තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇති බවයි පැවසෙන්නේ

කොංගෝ ගඟේ යාත්‍රාව ගිලී යාමෙන් පසු 189 දෙනෙකු බේරාගෙන ඇති අතර සිරුරු 40කට වැඩි ප්‍රමාණයක් මේ වනවිට සොයාගෙන තිබෙනවා

බෝට්ටුවේ මගීන් 300 කට වැඩි පිරිසක් සහ භාණ්ඩ පටවා තිබූ බවයි ගලවා ගැනීමේ සහ මෙහෙයුම්වල යෙදී සිටින සිවිල් සමාජ කණ්ඩායම් පවසා තිබෙන්නේ

අධික බර පැටවීම, නඩත්තු නොමැතිකම සහ රාත්‍රියේ ගමන් කිරීම හේතුවෙන් අනතුරට හේතුව බවත් බොහෝ මගීන් ජීවිතාරක්ෂක ජැකට් පැළඳ නොසිටි බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

දිවි ගලවා ගත් අයෙක් පවසා තිබෙන්නේ Mbandaka නගරයෙන් Bolomba ප්‍රදේශය වෙත පිටත් වූ බෝට්ටුව අධික තදබදය හේතුවෙන් ඇණහිට ඇති බවත් පසුව සමබරතාවය නැතිවීමෙන් පෙරළි ගිය බවත්ය.

 

Share This